මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (15) නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය. ඒ තංගල්ල කාල්ටන් නිවසේදී.
එහිදී මහින්ද අමරවීර අමාත්‍යවරයාද ඊයේ සිය නාම යෝජනා පත්‍රයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අත්සන් තැබුවේය.
ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයින් පසුගියදා නාමයෝජනා පත්රවලට අත්සන් තැබුවද පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයෙකු ලෙස කිසිවකු ඊට අත්සන් තැබුවේ නැත.
ඊට හේතුවී තිබුණේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකත්වය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර පැවති මතභේදාත්මක තත්වයයි.