පැමිණීමට කැමැත්ත පළ කළ දකුණු ආසියාවේ සිටි සියලු ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා අවසන්

Share this Article

ඉන්දියාවේ කොල්කටා නුවර සිට ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 125 දෙනෙකු රැගත් UL1188 දරන ගුවන් යානය ඊයේ (30) සවස කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ.

ඉකුත් අපේ‍්‍රල් 21 වැනි දින සිට මේ දක්වා ඉන්දියාවේ – පන්ජාබ්, මුම්බායි, කොයිම්බතූර්, බැංගලෝර්, නවදිල්ලිය සහ කොල්කටා, පාකිස්තානයේ – කරච්චි සහ ලාහෝර්, නේපාලයේ – කත්මණ්ඩු සහ බංග්ලාදේශයේ ඩකා යන නුවරවල් වල සිට COVID 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කළ දකුණු ආසියානු කලාපයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 1,065 දෙනෙකු දින 10 ක කාලයක් තුළ දී මෙරටට ගෙන්වාගැනීමේ කටයුතු සාර්ථකව නිමා වී තිබේ. මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ ගුවන් ගමන් වාර නවයක් 9 භාවිතා කරන ලදී.

මෙම පිරිස් අතර අධ්‍යයන හා පුහුණු වැඩසටහන් සම්පූර්ණ කළ සහ නැවත ශ්‍රී ලංකාවේ නිල රාජකාරි භාර ගැනීමට නියමිතව සිටි රාජ්‍ය හා හමුදා නිලධාරීන් ද ඇතුළත් වන අතර පැමිණි සියලුම දෙනා මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇති පහසුකම් මත අනිවාර්ය නිරෝධායනයට ලක්ව සිටිති.


Share this Article

Leave a Reply

Your email address will not be published.