බුත්තල ප්‍රදේශයේ පාසලක පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් සඳහා පුහුණු ධාවනයකට සහභාගී වෙමින් සිටියදී ඇද වැටීමෙන් 15 හැවිරිදි සිසුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය සිසුවා එම පාසලේම 11 ශ්‍රේණියේ සිසුවෙකි.
බුත්තල-බඩල්කුඹුර මාර්ගයේ කටුගහකොලනිය වැව අසල සිට බුත්තල දෙසට දුවමින් සිටි තවත් සිසුන් පිරිසක් සමඟ මැරතන් පුහුණුවීමකට සහභාගී වෙමින් සිටියදී මෙම සිසුවා හදිසියේම ඇද වැටුණි.
මුලින් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත. කෙසේ වෙතත්, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බව පොලිසිය පැවසීය.


