පාසල් අධ්‍යාපන චාරිකා සදහා නව නීති ඇතුලත් චක්‍රලේඛයක්

පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සදහා යොමුකරවීමට අදාල නව නිති ඇතුලත් චක‍්‍රලේඛකයක් නිකුත් කිරිමට තීරණය වී තිබේ. පාසල් ප‍්‍රධානීන්ට එය යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිලිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා සදහන් කළේය.

පසුගියදා කන්තලේ ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දියනෑමට ගොස් සිසුන් සිව් දෙනෙකු මියයාම පිළිබදවද සිද්ධියක් වාර්තාවීමත් සමග මෙම නව නීති නිකුත් කිරීමට තිරණය වී ඇති බවට තොරතුරු වාර්තා වේ. පසුගියදා ඇතිවූ එම සිද්ධිය සම්බන්ධව විමර්ෂණයක් මේ වනවිට සිදුකෙරේ. ඒ ත්‍රිපුද්ගල කමිටුවක් මඟින්. විමර්ෂණයෙන් පසු සකස් කරන වාර්තාව දින 14 ක් ඇතුලත ඌව පලාත් ආණ්ඩුකාරවරයාට භාරදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *