සමගි බලවේගය ගොඩනැගුවේ විපතට පත් ජනතාව ඉන් මුදා ගැනීමටයි – සජිත්

වර්තමාන රජයේ අදූරදර්ශී රාජ්‍ය පාලනය තුළ රටේ සමස්ත ජනතාව විපතකට පත්ව ඇති බවත්, එයින් ජනතාව සහ රට මුදා ගැනීමට සමගි ජන බලවේගය ගොඩ නැගූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ අනුව සමගි ජන බලවේගයේ ප්‍රධාන කොටස් කරුවෙකු ලෙස “ජාතික හෙළ උරුමයේ” මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා නිල වශයෙන් එක් වූ බවද පැවසීය. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *