සංවර්ධන නිලධාරීන් ස්ථිර සේවයේ පිහිටුවන ලෙසට ඉල්ලා උද්ඝෝෂණයක්

ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී සංවර්ධන නිලධාරී සේවාවේ පුහුණුවට 2018 වසරේ බඳවාගත් පිරිස් ස්ථිර කරන ලෙස ඉල්ලා අද (25) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.

2018 වසරේ අගෝස්තු 20 බඳවාගත් පිරිස් 2019 වසරේ සැප්තැම්බර් 01 වැනි දින ස්ථිර සේවයට ඇතුළත් කළ යුතුව තිබුණද මෙතෙක් එය සිදුකර නොමැති බව සංවර්ධන නිලධාරී සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම පිරිස 2020 ජනවාරි 01 වැනි දින සිට බලපැවැත්වෙන ආකාරයට ස්ථිර කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය පිළිනොගත් හා බවත් එම සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.

මෙම සියලුම දෙනා 2019 සැප්තැම්බර් 01 වැනි දින සිට සේවය ස්ථිර කළ යුතු බවත්, එම දිනයට ස්ථිර කර අදාළ පත්වීම ලබාදිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *