පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා සිටි පොලිසියේ අසූ දෙනකු සහ විශේෂ කාර්ය බළකායේ අසූ දෙනකු ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව අනුයුක්ත කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් කොවිඩ්-19 මර්දන රාජකාරි සඳහා අනුයුක්ත කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා ඇති පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් කොවිඩ් මර්දන රාජකාරී කටයුතු සඳහා මුදා හරින ලෙසට හා ඒ වෙනුවට හමුදාව යෙදවිය හැකි බවට පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව වේත්‍රධාරී දෙපාර්තමේන්තුව එම ඉල්ලීමට ඉඩ දී ඇත.