නිවාඩු මත සිටින නාවික හමුදා සාමාජිකයින්ට දැනුම්දීමක්

නිවාඩු මත සිටින සියලුම නාවික හමුදා සාමාජිකයින් වහාම ක්‍රියාත්මකවන පරිදි ළඟම කඳවුර වෙත රපෝර්තු කරන ලෙස දැනුම්දීමක් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එමෙන්ම නිවාඩු ලබා ගොස් සිටින සිය නිලධාරින් සිය කඳවුරු වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සහ වැඩි විස්තර සඳහා තමන් සේවය කරන කඳවුර හෝ නාවික හමුදා මුලස්ථානය සම්බන්ධ කර ගන්නා ලෙසටයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *