පානදුර නගර සීමාවේ මාවත් 6ක වෙළඳසැල් වසා දැමීමට පියවර

පානදුර නගර සීමා බල ප්‍රදේශයේ මාර්ග හයක පිහිටා තිබෙන ස්ථිර වෙළඳසැල් සහ තාවකාලිකව වෙළඳ කුටි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පවසයි.

මෙලෙස වෙළඳසැල් හා වෙළෙඳ කුටි වසා දමා ඇත්තේ ආතර් වී දියෙස් මාවත, ජනප්‍රිය මාවත, මාකට් පාර, ධර්ම ශාලාව පාර, විජේසූරිය මාවත හා ජයතිලක මාවත යන ප්‍රදේශ වලයි.

පානදුර නගරය ආසන්නයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් තිදෙනකු වාර්තා වී ඇති අතර, පිසිආර් පරීක්ෂණවලට ලක් කළ එම වෙළෙඳ සැල්වල ව්‍යාපාරිකයන් නගරයේ සංචරණය කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි වලට අනුව මහජනයාගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගත් බවයි නගරාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *