මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් මරණයට පත්වී තිබේ. කොළඹ ජාතික රෝහලේදී මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 87 ක් වයසැති කාන්තාවක් සහ අවුරුදු 19 ක් වයසැති තරුණයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වූ අතර, ඉන් පළමු මරණය වාර්තා වුයේ කොළඹ IDH රෝහලෙන්ය. ඒ ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වයසැති පුද්ගලයෙක් වූ අතර ඔහු අක්මාව ආශ්‍රිතව රෝගයකින් පෙළුණු අයෙකි.

අද දිනයේ මෙරට සිදුවී ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *