නොරොච්චෝලේ අළුත් වැඩියා කර විදුලි උත්පාදනයට යෙදවේ

Share this Article

කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීයව තිබූ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රය නැවත අලුත් වැඩියා කර ඊයේ (25) දින සිට යළිත් විදුලි උත්පාදන කටයුතු සඳහා යොදවා ඇති බවට එහි නිලධාරියෙක් පැවසීය.

මෙම විදුලි උත්පාදන යන්ත්‍රයෙන් ඊයේ සවස වන විට මෙගාවොට් 100 ක විදුලි ප්‍රමාණයක් ජනනය කරමින් තිබූ බවත් එය ක්‍රමානුකූලව උපරිම විදුලි උත්පාදන ධාරිතාව වන මෙගාවොට් 300ක් නිපදවීමේ තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පළමු බලාගාරය බිඳ වැටුණු අවස්ථාවේදී මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද ඒ ගැන සොයාබලා කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් එම බලාගාරයේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ඇතැමුන් පැවසුවද එවැන්නක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් මේ වන විට නැතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


Share this Article

Leave a Reply

Your email address will not be published.