ජනපතිගේ පොරොන්දුවකින් පසු දින 9ක් පැවති ආබාධිත රණවිරු උපවාසය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 09කට ආසන්න කාලයක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වූ ආබාදිත රණවිරුවන්ගේ උපවාසය අවසන් කළ බව රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය සඳහන් කරයි.

ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වුණ බවත්, ඉදිරි මහ මැතිවරණයට පෙර අදාළ ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදුන් බවත් එම බලවේගයේ ජාතික සංවිධායක එච්.එම්.එස්. මහින්දසිරි මහතා පැවසීය.

ජනාධිපති තුමාගේ එම පොරොන්දුවත් සමග ඊයේ (25) පස්වරුවේ සිට මෙම උපවාසය අවසන් කළ බවත්, එම ඉල්ලීම් ඉටුකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් නැවතත් උපවාසය ආරම්භ කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *