Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රජයේ පාසල්වල පළමු වාර විභාගය ලබන වසරේ සිට නොපැවැත්වීමට තීරණය කෙරේ

රජයේ පාසල්වල පළමු වාර විභාගය ලබන වසරේ සිට නොපැවැත්වීමට තීරණය කෙරේ

ලබන වසරේ සිට රජයේ පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය වාර්තා පවසයි.

නිවාසාන්තර ක‍්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප‍්‍රදර්ශන, මහා ක‍්‍රිකට් තරග ඇතුළු විවිධ උත්සව සහ විෂය සමගාමී ක‍්‍රියාකාරකම් රැසක් පළමු පාසල් වාරය තුළ සෑම පාසලකම පැවැත්වෙන බැවින් බොහෝ සිසුන්ට පළමු වාර විභාගයට නිසි ලෙස සූදානම් වීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම ඇතැම් සිසුන් විභාග කටයුතු අතපසු වේයැයි බියෙන් ක‍්‍රීඩා කටයුතු, චාරිකා ආදියට සහභාගී නොවී සිටීමේ ප්‍රවණතාවක්ද දක්නට ඇති බවත්, ඇතැම් සිසුන්ගේ දෙමව්පියන් මැදිහත්ව ඔවුන් ක‍්‍රීඩා කටයුතුවලින් ඉවත් කරන අවස්ථා තිබෙන බවත් අනාවරණය වී ඇති බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එමෙන්ම විෂය සමගාමී ක‍්‍රියාකාරකම් රැසක් සිදුකෙරෙන පළමු පාසල් වාරය සෑම පාසලකම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට ද ඉතා කාර්ය බහුල කාලවකවානුවක් බව එහි සඳහන් වේ.

එබැවින් ඉහත කරුණු පිළිඹද සළකා බලා පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම වසරේ පළමු පාසල් වාරයේ විභාග පැවැත්වීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු යොදා ඇති හෙයින් එහි වෙනසක් සිදු නොකෙරෙන අතර, මේ වර්ෂයට අදාළ පළමු පාසල් වාර විභාග නියම කර ඇති ආකාරයෙන් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *