නිරෝධායනය වී ගෙදර යන අතරතුර අයෙක් මරුට…..

පුත්තලම ප්‍රදේශයේ නිරෝධායනය අවසන්වී නිවසට පැමිණෙන අතරතුර අවුරුදු 54ක පමණ අයෙකු වැටී මියගොස් තිබෙනවා.

මෙම මියගිය පුද්ගලයා හෙට්ටිපොල ටජ්මහල් නම් හෝටලයක සේවය කරමින් සිට ඇති අතර එම හෝටලයට පැමිණි කෝරෝනා රෝගියෙකු හේතුවෙන් ඔක් 22 වන දින සිට නිරෝධායනයට ලක් කර ඇති අතර PCR පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය වී නොමැති බව දැනුම්දීමෙන් පසු ඊයේ (5) නැවත නිවසට පැමිණෙමින් සිට්න අතරතුර මෙසේ මියගොස් ඇත.

මෘත දේහය නැවත PCR පරීක්ෂණයක් සඳහා භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබෙන තුරු මෙය කොරෝනා හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස සදහන් කල නොහැකි බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *