පොලිසියේ 358 කට කොරෝනා, රිජ්වේ ළමා රෝහලෙන් ආසාධිතයින් 32ක්

පොලිස් නිලධාරින් 85 දෙනෙකු ඊයේ (5) දිනය වන විට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාවින්ත මධ්‍යස්ථානය නිවේදනය කරයි. එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ මේ වන විට පොලිස් නිලධාරින් 358 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ අතර කොවිඩ් ආසාදිත 32 දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හදුනාගෙන ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී.විජේසූරිය මහතා පවසා සිටියි. එම 32 දෙනා අතර ළමුන් 20ක් හා මව්වරුන් 12ක්ද වන බවයි ඒ මහතා පවසා සිටින්නේ. එමෙන්ම සිය රෝහලේ වෛද්‍යවරයෙකුටද කොරෝනා ආසාදිතයෙකු බවට හදුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *