Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

නිරෝධනය වෙමින් සිටි පුද්ගලයෙක් දරුවන්ගේ ඉල්ලිමකට ආහාර ගෙන යාමට ගිය මොහොතේ මරා දමා ඇත

නිරෝධනය වෙමින් සිටි පුද්ගලයෙක් දරුවන්ගේ ඉල්ලිමකට ආහාර ගෙන යාමට ගිය මොහොතේ මරා දමා ඇත

බරපතළ ලෙස තුවාල සිදු වූ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වැලිගම නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට ආසන්නව මාර්ගයේ තිබියදී  (17 ) රාත්‍රියේ   සොයාගෙන  ඇතැයි වැලිගම මුලස්ථාන පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා වැලිගම මිදිගම ප්‍රදේශයේ පදිංචි, 49 හැවිරිදි  වරායේ රැකියාවක් සිදු කරන අයෙකු බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා ඇතුළු පවුලේ සැම නිරෝධනය වෙමින් සිටි බව සදහන් වේ.

සිද්ධිය වූ දින මියගිය පුද්ගලයා දරුවන්ගේ ඉල්ලිමකට ⁣වෙළඳ සැලකින් ආහාර රැගෙන යාම සඳහා වැලිගම නගරයට පැමිණි බවට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේ නමුත් කිසියම් පුද්ගලයකු සමග බහින් බස් වීමකින් අනතුරුව පුද්ගලයකු විසින් මොහුට පහරදීමක් සිදුකර තිබෙන බවද පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන්  සැකපිට පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ හිසට සහ ශරිරයට දැඩිලෙස තුවාල සිදුවී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ නමුත් මියගිය පුද්ගලයා පැමිණි බවට සැලකෙන යතුරු පැදියක් ද මෙම මෘත ශරීරයට ආසන්නයේ නවතා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම ස්ථානය අවට සවිකර තිබූ  සි.සි.ටි.වි. දර්ශන මත අනාවරණය වි ඇත්තේ පෞද්ගලික බස්රථයක් මගින් මෙම පුද්ගලයා යටකරගෙන බස්රථය පලාගොස් ඇති බවය.

කෙසේ වෙතත් සිද්ධියට අදාළ බස් රථය සහ එහි රියදුරු වැලිගම කඹුරුගමුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මරණයට හේතුව මනුෂ්‍ය ඝාතනයක් ද එසේ නොමැති නම් රිය අනතුරක් යන්න සම්බන්ධයෙන් මෙවන විට විමර්ශන කටයුතු සිදු වෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද මාතර මහ රෝහලේ සිදුකිරීමට නියමිතයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *