Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

වසන්ගතය වසන් කළොත් අපිත් වසන් වෙලා යයි – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

වසන්ගතය වසන් කළොත් අපිත් වසන් වෙලා යයි – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක පමණ ආසාදිතයින් පිරිසක් සමාජය  තුළ සිටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

ඇය පවසන්නේ එම ආසාදිතයින්ගෙන් තව තවත් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවය.

“ඊයේ තුන් දහස් පන්සියයක රෝගීන් සංඛ්‍යාවක් දෛනික දත්ත වාර්තා වෙනවා. හැබැයි සමාජයේ මීට වඩා රෝගීන් ඉන්න පුළුවන්. 3,500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන් ගුණයක් විතර සමාජයේ ඉන්න පුළුවන්. මේ අයගෙන් තවදුරටත් සමාජය තුළ පැතිරීම සිදුවෙන්න පුළුවන්. ජනතාවට ගෙවල්වලට වෙලා ඉන්න කිව්වත්, ඔත්තේ ඉරට්ටේ දවස්වල යන්න කිව්වත් ජනතාව වැඩි වශයෙන් පාරවල්වල ඉන්නවා. පාරවල් හිස්වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ. මේ පැතිරීම වළක්වා ගන්න නම් ගෙදරටම වෙලා ඉන්න ඕනේ. අත්‍යාවශ්‍ය කාරණයකට හැර එළියට යන්න එපා කියලා රටේ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.“

මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිලධාරින්ට නිකුත් කර ඇති චක්‍රලේඛය පිළිබඳ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරියගෙන් කළ විමසීමකදී ඇය පවසා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය නිලධාරීන්ට විනයක් ඇති බවය.

ඒ නිසාවෙන් කිසිවෙකුටත් සිතූ පමණින් අවශ්‍ය දේ මාධ්‍යයට පැවසිය නොහැකි බවත් එයින් ජනතාව අපහසුතාවයට පත්වන බවත් ඇය සඳහන් කළාය.

“ජනතාව දැන් බුද්ධිමත් නිසා ජනතාව දන්නවා වෛද්‍ය කාරණාවලදී තෝරා බේරාගෙන පිළිගත යුත්තේ කාව ද කියන එක. ජනතාව අවබෝධයෙන් ඉන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ අය ගිහින් විවිධ ප්‍රකාශ කරන කොට ජනතාව අසීරුතාවයට පත් වෙනවා.“

ප්‍රශ්නය – චෝදනාවක් තිබෙනවා සැබෑ තත්ත්වය වසන් කරන්න රජය සුදානමක් ඇති බවට ?

“ඒකේ කිසිම සත්‍යතාවයක් නෑ. මේ වසංගතය වසන් කරන්න ගියොත් අපිත් වසන් වෙලා යයි.“

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *