Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ඊයේ දිනයේ වාර්තා වූ මරණ 36 අතරින් 06 ක් ම නිවස තුල

ඊයේ දිනයේ වාර්තා වූ මරණ 36 අතරින් 06 ක් ම නිවස තුල
කොරෝනා ආසාදිතව මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ මරණ 36 අතරින් 06 ක් ම නිවස තුල සිදු වූ මරණ බව තහවුරු කර ඇත.

එම මරණ සිදුව තිබුනේ මාතලේ, පේරාදෙණිය, බණ්ඩාරගම, ඉංගිරිය, ගිංතොට සහ හේනගම යන ප්‍රදේශ වලිනි.

සිදු වූ මරණ අතර කාන්තා මරණ 02 ක්ද වාර්තා වේ.

ගිංතොට ප්‍රදේශයේදී මියගොස් ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙකි.

මරණ වලට හේතුව කොවිඩ් නිව්මෝනියාවයි.

මෙම සියලු මරණ ඉකුත් 16, 17 සහ 18 යන දින වල සිදුව ඇත.

අහංගම ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙකු ගොන්නගහහේන රෝහලට ඇතුලත් කරන විට මියගොස් ඇති අතර එම මරණය සිදුව ඇත්තේ ඉකුත් 14 වනදායි.

ඔහුගේ මරණයට ද හේතුව කොවිඩ් නිව්මෝනියාවයි.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 36 සමග මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,051 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ දක්වා වාර්තා වූ පුද්ගල මරණ අතරින් 642 දෙදෙනෙකු පිරිමි පුද්ගලයින් වේ.

409 දෙනෙකු කාන්තාවන් ය.

වැඩිම පිරිස වන සියයට 41 ට වැඩි පිරිසක් වයස අවුරුදු 61 ත් 75 ත් අතර වයස් කාණ්ඩයේ අය වේ.

සියයට 28 කට වැඩි පිරිසක් වයස අවුරුදු 76 ත් 90 ත් අතර වයස් කාණ්ඩයේ පසු වූවන්ය.

වයස අවුරුදු 46 ත් 60 ත් අතර කාණ්ඩයෙන් සියයට 19 කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඉකුත් 12 වන බදාදා සිට මේ දක්වා, එනම් දින 08 ක් තුළ මෙරටින් කෙරෝනා මරණ 201 ක් වාර්තා වී තිබීම කැපී පෙනෙන තත්ත්වයකි.

ඉන් 70 ක්ම වාර්තා වී ඇත්තේ ඊයේ සහ පෙරේදා යන දින වලය.

මෙරට පළමු කොරෝනා මරණය සිදු වූ 2020 වසරේ මාර්තු 29 වනදා සිට 2020 වසර පුරා මෙරටින් වාර්තා වී තිබුනේ කොරෝනා මරණ 204 ක් පමණය.

මේ වසරේ ජනවාරි පළමු වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා මරණ 400 ක් වාර්තා වුණි.

ඉන් පසුව බිහි වූ අලුත් අවුරුදු පොකුරෙන් මේ දක්වා දින 35 කදී පුද්ගල මරණ 448 ක් සිදුව තිබීමද කැපීපෙනෙන තත්ත්වයකි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *