නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 6,000කට ආසන්න පිරිසකට මේ වන විට අධිකරණ හමුවේ නඩු පවරා ඇති බව පොලිසිය පවසයි.
ඉකුත් ඔක්තොම්බර් 30වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති කැඩූ පුද්ගලයින් 6,965 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කර ඇත.
ඉකුත් පැය 24තුළද නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 426 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.