අදත් ප්‍රදේශ කිහිපයකට ම.මී.100 ඉක්මවූ වැසි

අද දිනය තුළ දිස්ත්‍රික්ක කිහිපයකට තැනින් තැන මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල විශේෂයෙන් උදෑසන කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *