නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරීන් 06 දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම කාර්‍යයාලය වසා ඇති අතර, ඉන් පිරිසකගේ PCR පරීක්ෂණ අද දිනයේදී සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
අගුළු දැමීම නොසලකා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවාවන් අවශ්‍ය සේවාලාභීන්ට උපකාර කිරීම සඳහා ඊමේල් සහ හදිසි කොන්සියුලර් සේවා ඇමතුම් අංක දිගටම ක්‍රියාත්මක කරන බව මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර සිටී. කාර්යාලය නැවත විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම්දෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේය.