Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පමුණුව හා පිළියන්දල ප්‍රදේශ වලින් කොවිඩ් පොකුරු මතුවීමේ අවධානමක්

පමුණුව හා පිළියන්දල ප්‍රදේශ වලින් කොවිඩ් පොකුරු මතුවීමේ අවධානමක්

කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබිම නිසා විශාල කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.  ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති අතර, පසුගිය දිනවන කොවිඩ් රෝගීන්ගේ යම් අඩුවීමක් තිබු නමුත් නැවත රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් වැඩි වී ඇති බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.  ඒ මහතා වැඩි දුරටත් මෙසේ පැවසුවේය.

“ඉතාම ප්‍රවේශම්කාරී විය යුතු තත්ත්වයක්. රෝගය ව්‍යාප්තවීම ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවෙන විට අපි නොදැනුවත්ම විශාල පොකුරු ඇති වෙන්න පුළුවන්. මේක ඉතාම භයානක තත්ත්වයක්. එහෙම වුණොත් අපිට නැවත වතාවක් රට තුළ සංචරණ සීමා ඇති කිරීම හා දරුවන්ගේ අධ්‍යාපනයට සීමා පැනවීම මෙන්ම විශ්වවිද්‍යාල විවෘත කිරීමට නියමිතයි අප්‍රේල් 27 වන දා , නමුත් ඒවට සීමා ඇති කරන්න සිදුවේවි. ඒ නිසා ඒවා වළක්වා ගැනීමට ජනතාවගේ සහයෝගය ඉතා අවශ්‍යයි.“

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ සිදු කරන ලද PCR පරීක්ෂණ 130කින්ය.

මේ අතර මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අතරින් එක් ආසාදිතයෙක් අප්‍රේල් මස 11 වැනිදා හඳුනා ගෙන ඇති අතර සෙසු පුද්ගලයින් එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *