පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රියේ සිදුකල වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රැම් 04ක් සහ කාර් රථ 02ක් සමග සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කරයි.
වයස 26 හා 28 වියේ පසුවන මාලදිවයින් ජාතිකයන් තිදෙනෙකු ද අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අතරවේ. සැකකරුවන් අද (25) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ. මේ සම්බන්දයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.