කැලණිය සරසවියේ CCTV හොරෙන් ගැලවීමේ සිද්ධිය ගැන විමර්ශනයක්

කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබු සී.සී.ටීවි කැමරා කීපයක් කිසියම් හෝ පිරිසක් විසින් ගලවා දමා ඇති බවට වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පසුගිය කාල වකවානුව තුළ විශ්වවිද්‍යාලයේ ඇති වු ඇතැම් සිද්ධීන් නිසා විශ්වවිද්‍යාල පරිපාලනය විසින් මෙම සී.සී.ටීවි කැමරා පද්ධතිය සවි කිරීමට කටයුතු කර තිබූ නමුත් ඒ සදහා විශ්වවිද්‍යාලය තුළින් ද ඇතැම් අවස්ථාවන්වලදී විරෝධතාවයන් මතුව තිබේ.

පරීක්ෂණ වලට අනුව සී.සී.ටී.වි. කැමරා කීපයක් මේ වන විට සොයා ගෙන ඇති අතර කැමරා අස්ථාන ගත කිරීමට අදාළව පුද්ගලයින් කීප දෙනෙක් පිළිබඳ තොරතුරුද අනාවරණ වී ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *