LK reports news sinhala

හමුදා පොලිසිය රථවාහන රාජකාරී වලට යෙදවීම නීතිවිරෝධීයි – අජිත් පී පෙරේරා

පොලිස් සහ යුද හමුදා ආඥා පනත් අනුව රථ වාහන රාජකාරී සඳහා යුද හමුදා පොලීසිය යෙදවීමේ හැකියාවක් නොමැති බවත්, එය නීති විරෝධී බවත් එසේ කිරීමට අවශ්‍ය නම් ඊට අදාළ පනත් සංශෝධනය කර එම රාජකාරී ඔවුන්ට පැවරීමක් කළ යුතු බවත් එක්සත් ජාතික පක්‍ෂ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

පොලිස් ආඥා පනත යටතේ ඇති රෙගුලාසි අනුව යුද හමුදා පොලීසියට සිවිල් ජනතාව සම්බන්ධ රථවාහන වැරදි හෝ වෙනත් වැරදි සම්බන්ධ රාජකාරී කිරීමේ හැකියාවක් නැතැයි ද ඔහු වැඩි දුරටත් පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *