දුරුතු පුර පසලොස්වක පෝය දිනය අදයි

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි.

එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් දගට හරවා ගැනීම අද වැනි පොහො දිනක සිදුව තිබේ.

බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයක දි බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *