මෙම දශකයේ පළමු චන්ද්‍රගහණය

මෙම දශකයේ පළමු චන්ද්‍රග‍්‍රහණය හෙට (10) රාත‍්‍රී 10.37 සිට පසුදා අලුයම 2.42 දක්වා දැකගත හැකිබව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. ඕස්ටෙ‍්‍රලියාවට හා තවත් යුරෝපීය රටවල් කිහිපයකට ඉතා පැහැදිලිවත් ආසියානු රටවල් කිහිපයකට තරමක් පැහැදිලිවත් මෙම චන්ද්‍රග්‍රහණය දර්ශණය වන බවත් කී එම ප‍්‍රකාශකයා චන්ද්‍රයාගේ ආලෝකයේ මද අඩුවීමක් වශයෙන් පමණක් මෙම චන්ද්‍රග‍්‍රහණය හඳුනාගත හැකි බව ද පැවසීය.

අමෙරිකාව මෙම චන්ද්‍රග්‍රහණය වුල්ෆ් මූන් ලෙස නම් කර ඇති අතර ඇසට පෙනෙන ආලෝකය අඩුවීමක් නොමැති බැවින් ශ්‍රී ලංකාවට පැහැදිලිව නොපෙනෙනු ඇතැයි ද ඔවුන්ගේ විශ්වාසයයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *