දුරකතන හඬපට සම්බන්ධව විනිසුරු ගිහාන් පිලපිටියගෙන් ප්‍රකාශ සටහන් කර ගනී

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධියේදී අනාරවණ වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් ඊයේ (19) දිනයේදී පොලීසිය විසින් ප‍්‍රකාශයක් සටහන් කර ගෙන ඇතැයි වාර්තා වේ. ඒ ඊට අදාළව කරන ලද දැනුම් දීමකට අනුවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධියේදී විනිසුරුවරුන් තිදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වුණා. විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක ද සහ බද්දේගම මහේසත‍්‍රාත් ධම්මික හේමපාල ඒ අතරට අයත්.

මෙම විනිසුරුවරුන්ට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත මේ වනවිට පැමිණිලි කිහිපයක් ද ඉදිරිපත් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.