ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 13 කට ස්ථාන මාරුවීම්

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකගේ ස්ථාන මාරු වීම් සිදු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හත් දෙනෙක්, පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු මෙලෙස ස්ථාන මාරුවීම් සිදුකර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන එස්.සමුද්‍රජීව, ආර්.එච්.එස් මාසිංහ, පී.පී ජයකොඩි, කේ.බී කීර්තිරත්න, ඒ.ජී.ඩී වීරසේකර, ඕ. හේවාවිතාරණ සහ පී.එම්.කේ.ඩී පලිස්කාර යන මහත්වරුන් ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව සඳහන්.

මීට අමතරව පොලිස් අධිකාරීවරුන් වන එම්.සී සෝමසිංහ, ජී.එච් ප්‍රශාන්ත, ඩී.එස් වික්‍රමසිංහ, පී.එන් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරීවරුන්වන එම්.සී සෝමසිංහ, එස්.ජී සතරසිංහ යන මහත්වරුන් මෙලෙස ස්ථාන මාරුවීම් සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *