අම්බලන්ගොඩදි රුහුණු කුමාරී දුම්රියේ බස් රථයක් ගැටෙයි

අම්බලන්ගොඩ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී අද (20) උදෑසන 7.30ට පමණ සුඛෝපභෝගී බස් රථයක් රුහුණු කුමාරි දුම්රියේ ගැටී තිබේ. අනතුරින් බස්රථ රියදුරු තුවාළ ලැබූ බස් රථයේ රියදුරු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය සංඥා පමණක් ක්‍රියාත්මක වන ගේට්ටුවක් නොමැති ස්ථානයක් බවටයි වාර්තා වෙන්නේ. දුම්රියේ ගැටුණු බස් රථය මාර්ගයෙන් ඉවතට විසි වි ගොස් තිබේ. මගීන් නංවා ගැනීමට හා ගමන් ආරම්භ කිරීමට අම්බලන්ගොඩ බස් නැවතුම වෙත ධාවනය කරමින් සිටින විටදි මෙම බස්රථය මේ ආකාරයෙන් අනතුරට ලක්වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. මේ වනවිට දුම්රිය ගමනාගමනය යථා තත්වයෙන් සිදුවන බව වාර්තා වේ.

(ඡායාරූප ලබාගැනීම – Accident 1st)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *