Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

දුමින්දට නිදහස ඉල්ලා අත්සන් කළ ලිපියට විපක්ෂයේ මන්ත්‍රීවරු 5ක් අත්සන් කරයි

දුමින්දට නිදහස ඉල්ලා අත්සන් කළ ලිපියට විපක්ෂයේ මන්ත්‍රීවරු 5ක් අත්සන් කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වැරදිකරුවෙකු වූ, මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් තබනු ලැබූ ලිපියට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු අත්සන් තබා ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂයක් ලෙසින් සිටින දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ ඇතුළු වීපක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු එම ලිපියට අත්සන් තබා ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වේ.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ තමා දේශපාලඥයෙක්ට වඩා මානව හිමිකම් ක්‍රියාකාරිවරයෙක් ලෙසින් තරුණයින් දීර්ඝ කාලයක් සිරගතව රඳවා තබා ගැනීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.

මීට අමතරව ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු 50කට අධික පිරිසක්ද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාට ජනපති සමාව ලබාදී නිදහස් කරන්නැයි ඉල්ලා ලිපියකට අත්සන් තබා තිබේ. එම ලිපිය ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිත බවටයි දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන්නේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *