කොවිඩ් ආසාධිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිවෙස්වලම නිරෝධායනයට යොමු කිරීමට පියවර

අද (26) සිට කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුවහොත් එම ආසාදිතයාගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනයාම වෙනුවට නිවෙස් වල නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිදුකළ අධික්ෂණයක් අනුව මෙම තීරණය ගත් බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මෙසේ හඳුනා ගනු ලබන පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගන්නා පුද්ගලයින් සිය නිවෙස් තුලම රැඳී සිටිනු ඇති බවට අපේක්ෂා කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *