දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය කරමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථයක් කොට්ටාව කහතුඩුව අතරදී හදිසි ගිනි ගැනීමකට ලක්වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇති අතර ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මීට සති දෙකකට පමණ පෙරද මේ ආකාරයෙන්ම ලංගම බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්විය.
(ඡායාරූප උපුටා ගැනීම – Accident 1st )