තුර්කි භූකම්පනයේ සුන්බුන් අතර සිරවී පැය 91කට පසු බේරා ගත් මල් කැකුළ.

තුර්කි භූකම්පනයේ සුන්බුන් වලට යටවූ 4 හැවිරිදි දැරිය පැය 91කට පසු බේරා ගැනේ.
තුර්කියේ ඉස්මීර් නුවර ඇති වූ මෙම භූ කම්පනයේ සුන්බුන්වලට දින 04ක් තිස්සේ යටවී සිටි කුඩා දැරියක් මෙලෙස නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකිව තිබෙනවා.
ඒජියන් මුහුදු කලාපයේ පසුගිය සිකුරාදා ඇති වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 104 දෙනෙකුට ජීවිතය අහිමි විය.
ජිවිතාරක්ෂක කණ්ඩායමක් විසින් බේරාගත් “අයිඩා ගෙසින්” නමැති දැරිය වයස අවුරුදු 3 ක් හෝ 4 ක් පමන වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.
තුර්කි රජයේ අමාත්‍යවරයෙකු පවසා සිටියේ මෙම දැරිය බේරාගැනීම විස්මිත ප්‍රාතිහාර්යක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *