තැපැල් ඡන්දය දාපු හැටි ෆේස්බුක් දැම්මොත් දැඩි දඬුවම් – මැ.කො.ස කියයි

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසිම අද (31) දිනට අවසන් කෙරුණු අතර නැවත හෙට(1) පෙරවරුවේ තැපැල් ඡන්දදායකයින් හට සිය ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව ලබාදී ඇත. ලියාපදිංචි තැපැල් ඡන්ද දායකයින්ට අද සහ හෙට (01) සිය සේවා ස්ථානවලදී පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා තැපැල් ඡන්ද  ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙන බවත් මේ දක්වා තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ සිදුවන බවත් මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.

අද උදෑසනම ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද දායකයින් ඡන්දය ප‍්‍රකාශ කළ බව වාර්තා වූ අතර තැපැල් ඡන්දය දැමීමට දිගු පෝලිම්ද දක්නට ලැබිණි.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ මාධ්‍ය හමුවක් අද පවත්වමින් ප්‍රකාශ කර සිටියේ තැපැල් ඡන්දය ප‍්‍රකාශ කර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බවයි. එවැනි කි‍්‍රයා නිතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද තැපැල් ඡන්දය දමා එය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළහොත් වසර 3ක සිර දඬුවමක් ලැබෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කර සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *