LK reports news sinhala

ගමන් කරමින් තිබූ දුම්රියේ හදිසි ගින්නක් – 60ක් මරුට (වීඩියෝ සහිතයි)

පාකිස්තානයේ කරච්චි සිට ලාහෝර් බලා ගමන් කරමින් තිබු දුම්රියක ඇතිවු හදිසි ගින්නකින් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

පකිස්තාන බලධාරින් සඳහන් කර සිටියේ දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් කෑම පිසිම සඳහා යොදා ගත් ගෑස් සිලින්ඩරයක් හදිසියේ පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බවයි. ගින්න දුම්රිය මැදිරි 03කට පැතිරි ගොස් ඇති අතර ගින්නට හසුවු බොහෝ පිරිසක් ධාවනය වෙමින් තිබු දුම්රියෙන් පැනිමට ගොස් මිය ගොස් ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර සිටී.

සිද්ධියෙන් තවත් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයින් ගණන ඉහළ යාමට ඉඩ ඇති බව විදෙස් පුවත් වාර්තා සඳහන් කරයි.

වීඩියෝ – www.icbc24.in

Leave a Reply

Your email address will not be published. Required fields are marked *