බදියුදීන් – හකීම් සජිත්ගේ වේදිකාවෙන් බස්සවන්නැයි මුස්ලිම් හඬ සංවිධානය කියයි

රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් වැනි දේශපාලන නායකයින්ගෙන් මුස්ලිම් ජනතා අවශ්‍යතාවන් කිසිවිටෙකත් ඉටු නොවූ බව මුස්ලිම් හඬ සංවිධානය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය රොෂාන් හසීම් මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

“මුස්ලිම් ජනතාව හැමදාමත් බලාපොරොත්තු වුණේ ආගමික නිදහස. ඒ ආගමික නිදහස ආවේ සමස්ථ බෞද්ධයාගෙන්. බදියුදීන්, හකීම් වැනි දේශපාලන නායකයින් ඒ නිදහස එයාලගෙන් ලැබුණු දෙයක් බව පෙන්වනවා. මුස්ලිම් නායකයින් ලෙස සිතා සිටින මෙම පිරිස අන්තවාදීන් නොවන බව අපි කියන්නෙ නැහැ. එයාලාගේ දේශපාලනය අන්තවාදයට පණ පොවනවා. ඔවුන් අපිව වෙන්දේසියේ දානවා. ඔවුන් කවදාවත් පාර්ලිමේන්තුවේදී මුස්ලිම් ජනයා ගැන කතා කරලා නැහැ. ඔවුන් මුස්ලිම් ඡන්ද ඩීල් දාලා විකුණනවා. සජිත්ට කියනවා, මුස්ලිම් මිනිස්සුන්ට අන්තවාදී, ජාතිවාදී, ත්‍රස්තවාදී ලේබලය ගහපු අය ඔබේ වේදිකාවේ සිටීම අපේ ඡන්දයට ගැටලුවක්. සජිත්ට දිනන්න ඕනෙ නම්, සුළු ජනතාවගේ ඡන්ද ඕනේ නම් බදියුදීන්, හකීම් නෙවෙයි අවශ්‍ය. ඔවුන් වේදිකාවෙන් බස්සලා පෙන්වන්න.“ යැයි එහිදී අදහස් දක්වමින් ඔහු පැවසීය.

අන්තවාදීන් සජිත් ප්‍රේමදාසගේ ඔළුවත් සෝදලා තිබෙන බවත් මෙය මුස්ලිම් ජනතාවට ඇති අන්තිම බස් එක බවත් එහි නොනැග්ගොත් ඒකීය රටක් හැදීමට නොහැකි වන බවත් මුස්ලිම් හඬ සංවිධානය පවසයි.

තමනට අවශ්‍ය ගැලරියට කථාකරන නායකයකු නොව ගැලරියට වැඩ කරන නායකයකු බවද එම සංවිධානය එහිදී අවධාරණය කර සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *