තවත් කොවිඩ් ආසාධිතයින් 609ක්, පෑලියගොඩ මාළු වෙළදසැල සම්බන්ධ ආසාධිතයින් 496ක්

කොවිඩ් වෛරසය තවත් පුද්ගලයින් 609කට ආසාධනය වී ඇති බවට තහවුරුවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටී. එම ආසාදිතයින් අතරින් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් 496ක් ද සිටින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

තවද බේරුවල ප්‍රදේශයෙන් 20ක්ද, ගාල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනෙක්ද, නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 48ක් සහ ආශ්‍රිතයින් 40ක් ද ආසාදිතයින් ලෙස වාර්තා වී තිබේ.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3426ක් වන අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6896ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *