තවත් කොරෝනා රෝගීන් 11 ක් වාර්තා වේ

Share this Article

අද උදෑසන වන විට කොරෝනා රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ අනුව මේ දක්වා මෙරටදී තහවුරු වී ඇති කොවිඞ් -19 ආසාදිතයින් ගණන 3,332 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙසේ වාර්තාවූ නව ආසාධිතයින් අතරින් සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනකු වැලිසර නිරෝධායන මධ්‍යස්ථානය තුළින් හඳූනාගෙන ඇති අතර, ඩුබායි සිට පැමිණි පුද්ගලයන් හත්දෙනෙකු හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳූනාගෙන තිබේ. එමෙන්ම ඉතියෝපියාවේ සිට පැමිණි පුද්ගලයෙකු සහ රුසියාවේ සිටි පැමිණි පුද්ගලයෙකුද කොරෝනා ආසාදිතයින් ලෙස හඳූනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ වන විට කොව්ඩ් ආසාධනය වී සුවය ලැබූ රෝගීන් ගණන 3,129ක් වන අතර ආසාදිතයින් 192ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.


Share this Article

Leave a Reply

Your email address will not be published.