ග්‍රාම නිලධාරින් සතියට දින 6ක් පැය 24 පුරාම සේවය ලබාදිය යුතුයි

ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැරුණුකොට සතියට දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව 2020 ඔක්තෝබර් 01 දින සිට මෙම කටයුත්ත ක්‍රියාත්මක කළ යුතු බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

අදාළ නිවේදනයට අනුව අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට 4.15. දක්වාත්, සෙනසුරාදා දින දවල් 12.30 දක්වාත් මහජන සේවය සඳහා සිය කාර්යාලවල රැඳී සිටිය යුතුය. සඳුදා දිනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉතිරි දින 3න් එක් දිනයක් විවේක දිනය ලෙස ද ඉතිරි දින 2 ක්ෂේත්‍ර රාජකාරි සඳහා ද යෙදිය යුතුවේ.

ග්‍රාම නිලධාරින්ගේ රාජකාරි කටයුතු ඉටුකිරීම විධිමත් කිරීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක – 16/2020 ලෙස අදාළ චක්‍රලේඛය නිකුත්කර තිබේ.

මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *