කොළඹ-මාලබේ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීම අත්හිටුවීමට රජය තීරණය කරයි

කොළඹ – මාලඹේ සැහැල්ලු දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට අමතරව තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීම කල්දැමීමටත් පියවර ගෙන තිබේ.

රවාහන අමාත්‍යංශය පවසන්නේ දැනට පවතින විදේශ විනිමය ගැටලු හේතුවෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ උපදෙස් මත මේ පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ ව්‍යාපෘති රැසක් යළි සමාලෝචනය කිරීමට කමිටුවක්ද පත් කර තිබේ. රාගම කොළඹ දුම්රිය මාර්ගය , පානදුර කොළඹ දුම්රිය මාර්ගය ඇතුළු දුම්රිය මාර්ග කිහිපයක් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති මේ යටතේ නැවත සලකා බැලීමට නියමිත අතර රජයේ සැලසුම වන්නේ සමාලෝචන ක්‍රියාවලියෙන් අනතුරුව අවශ්‍යතාව හා වැදගත්කම සැලකිල්ලට ගනිමින් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *