Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීම ගැන බියවීමට අවශ්‍ය නෑ, ඇයි අපි බාල්දු වෙන්නේ – ජනපති

ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීම ගැන බියවීමට අවශ්‍ය නෑ, ඇයි අපි බාල්දු වෙන්නේ – ජනපති

උතුරු ජනතාවගේ ගැටලු විසඳාලිය හැක්කේ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙන් බවත් අතුරුදන් වූවන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී එල්.ටී.ටී.ඊ. යේ මෙන්ම හමුදාවේද අතුරුදන් වූවන් සිටින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (05) පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් වූ යොජනාවලියට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත්වූයේ ජනතාව දුන් වරම අනුව බවත් ඒ පිළිබඳව බියවීමට අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා කරුණු දැක්වූයේ මේ ආකාරයෙන්.

“උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම හරහා තමයි ප්‍රශ්න විසඳගන්න හැක්කේ. දේශපාලන වාසි ගන්න විවිධ අය විවිධ දේ කරන්න පුළුවන්.

උමා මහේෂ්වරන් එදා මේ සංවිධානය පටන් ගත්තේ ආර්ථික ප්‍රශ්නයක් මුල් කරගෙන. පස්සේ තමයි දේශපාලනික වුණේ.

මම හිතන්නේ ආර්ථිකය දියුණු කිරීම මගින් මේක විසඳගන්න පුළුවන්. ව්‍යාපාර කරලා හොඳට ඉන්න දමිළ ජනතාවත් ඉන්නවා, මුරුංගා කොළ කාල ඉන්න සිංහල අයත් ඉන්නවා.

ඇයි යුද්ධයේදී මිනිස්සු අතුරුදන් වෙන්නෙ. යාපනය කොටුව බේර ගන්න ඔපරේෂන් එක කළේ මමයි සරත් ෆොන්සේක මහත්තයයි. ඒත් අපි දකිනවා කොටුවෙන් එපිට මීටර් 100ක දුරින් අපේ අය මැරිලා ඉන්නවා. එයාලගේ සිරුරු දිරනවා අපිට පෙනෙනනවා. එයාලත් අතුරුදන් වූවන් තමයි.

දෙපාර්ශවයෙන්ම අතුරුදන් වෙලා තිබෙනවා. යුනිසෙෆ් එක වාර්තාවක් කළා. ඒ අය ඇහුවේ ළමයි ගැන. උතුරු පළාතේ කාන්තා හා ළමා අතුරුදන් වීම් ගැන පැමිණිලි 2600ක් ලැබිලා තිබුණා.

අට දෙනෙක් තමයි කියලා තිබුණේ හමුදාවෙන් අරන් ගියා කියලා. අනෙක් අය කිලයා තිබුණේ එල්.ටී.ටී.ඊ. යෙන් යුද්දෙට අරන් ගියා කියලයි.”

ජිනීවා යෝජනවලියේ සම අනුග්‍රහයෙන් ඉවත්වීම පිළිබඳව අදහස් දැක්වූ ජනපතිවරයා සඳහන් කළේ ජනපතිවරණයේදී ජනතාව දුන් ජනවරම අනුව සම අනුග්‍රහයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

“ පැහැදිලිවම ජනතාව වරමක් දුන්න නිසයි ඉවත් වුණේ. එකෙන් (මානව හිමිකම් කොමිෂමෙන්) ඇමෙරිකාවත් එළියට ගියා. ඇයි අපි ඔච්චර බය වෙන්නේ. අපේ ස්වාධීනත්වය ගැන ඇයි අපි බාල්දු වෙන්නෙ.”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *