ජයශ්‍රී මහා බෝධිය වසා දමනවා යැයි පැතිරෙන කටකතා බොරු

ජයශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානය වෙහෙර විහාරස්ථාන වලට ජනතාවට ඇතුල් වීමට නොහැකි වන පරිදි වසා දැමීමට කිසිම තීන්දුවක් ගෙන නැතැයි ශ්‍රී මහා බෝධි විහාර වාසි ශාස්ත්‍රපති කුඩා ඇලගමුවේ ඤාණසිරි හිමියෝ පැවසූහ. ජයශ්‍රී මහා බෝධිය රුවන්වැලිසෑය ඇතුළු අටමස්ථානය වෙහෙර විහාරස්ථාන වසා දමනවා යැයි පැතිර යන කට කතාවක් සම්බන්ධයෙන් උන් වන්සේ මේ අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසිරි හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.

“ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට රුවන්වැලි සෑයට දිනපතා සිදුකරන චාරිත්‍ර ඒ විදිහටම සිදු කරනවා, උදෑසන කිරි ආහාර බුද්ධ පූජාව දහවල් බුද්ධ පූජාව සවස ගිලන්පස බෝධි පූජාව මේ වතාවත් තුන එදා ඉදලම සිදු කළා වගේ ඉදිරියටත් සිදු කරනවා. ජනතාව නිතරම ශ්‍රී මා බෝධිය ඇතුළු අටමස්ථානය වන්දනාමාන කරන්න වගේම බාර හාර වෙන්න භාරහාර වලින් නිදහස් වෙන්න එනවා. පැතිරෙමින් පවතින රෝගී තත්ත්වයට වෛද්‍යවරු හා යුද හමුදාව ප්‍රතිකාර ලබා දෙනවා. කිරි ආහාර පුජා කරපුව ඉවත් කරන්න ඕනෑ නිසා දිනපතා දහවල් 12 සිට 2 දක්වා දේවාල මළුවේ ගේට්ටු වසනවා. නැවත රාත්‍රි 10 වහලා උදෑසන 6 ට විවෘත කරනවා. ඒ හැරුණු කොට ජනතාවට වන්දනාමාන කිරීමට නොහැකි වන පරිදි ජයශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය වසා දමන්න අදහසක් නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *