පූජිත්ගේ ධූර කාලය පසුගිය 14 වැනිදායින් අවසන්, නව පොලිස්පති නම් කිරීමේ බලය ජනපතිට

පූජිත්ගේ ධුර කාලය අවසන් නව පොලිස්පති නම් කිරීමේ බලය ජනපතිට
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ධුර කාලය පෙරේදා (14 ) දිනයෙන් අවසන්වීමත් සමග නව පොලිස්පතිවරයකු නම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇත.

ඔහුගේ සේවය අවසන් වීමේ දිනය අදට (16) යෙදී තිබුණද අද දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම හේතුවෙන් මෙලෙස මාර්තු 14 දිනයෙන් අදාළ සේවා කාලය අවසන් කෙරී ඇත. එබැවින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සං‍ශෝධනයට අනුව පොලිස්පති ධුරය සඳහා සුදුසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නම් කිරීමේ බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට හිමිව තිබේ. එසේ තෝරාගන්නා නිලධාරීන් අතුරින් එක් පුද්ගලයකු නව පොලිස්පතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත් කිරීමට නියමිතය.

ධුර කාලය අවසන් වූ පූජිත් ජයසුන්දර මහතා පූර්ණ විශ්‍රාම වැටුපකට සහ තීරුබදු රහිත වාහන බලපත්‍රයකටද හිමිකම් ලබනු ඇත. නව පොලිස්පතිවරයා පත් කරනතුරු දැනට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න එම ධුරයේ තවදුටත් කටයුතු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *