කොවිඩ් 19 අභියෝගය ජය ගැනීම සඳහා අවශ්‍ය වන නවීන තාක්ෂණයෙන් යුතු වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1360 ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව ජපාන රජයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.
එමෙන්ම කොවිඩ් 19 වෛරසයට මුහුණ දීම සඳහා ප්රතිශක්තීකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 03ක මුදලක් යුනිසෙෆ් ආයතනය හරහා ශ්‍රී ලංකාවට ලබාදීමටද ජපන් රජය කටයුතු කිරීම සම්බන්ධව කතානායක අබේවර්ධන මහතා සිය ස්තූතිය පළ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ 9 වැනි පාර්ලිමේන්තුවට අදාළ නව නිලධාරී මඩුල්ල පත්කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවති රැස්වීමේදී ය.
කතානායකවරයා මුලසුන හෙබවූ මෙම රැස්වීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එයට මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වූහ.