චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස චීනයේ චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.
චීනයේ කුංමිං සිට පැමිණි පළමු ගුවන් යානය සවස 5.54 ටත්, චීනයේ ෂැංහයි සිට පැමිණි දෙවන ගුවන් යානය සවස 6.34 ටත් කටුනායක ගුවන් තොටුපොළට ළගාවී තිබේ.
පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත්, ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවත් වාර්තා වේ.