චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 150ක් පැය 48ක් ඇතුලත විශේෂ ගුවන් යානයකින් මෙරටට

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ වෙන්ඩු අග නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් 150 කට වැඩි පිරිසක් ඉදිරි පැය 48 තුළදී ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යෙදා තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුවයි. මෙම පිරිස් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ගෙන්වා ගැනීමට නියමිත බවයි විදේශ සබදතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසා ඇත්තේ.

නව කොරෝනා වෛරසය පැතිර ඇති වුහාන් ප්‍රාන්තයේ සිට සිචුවාන් ප්‍රාන්තය දක්වා ඇති දුර කිලෝමීටර් 1,349 ක්. එමෙන්ම නැංගි ප්‍රදේශයේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු කඩිනමින් ගෙන්වා ගැනීමටද කටයුතු කරන බවටයි විදේශ සබදතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ ප්‍රකාශ කර ඇත්තේ.

වූහාන් ප්‍රාන්තයට පිවිසීම හා ඉන් පිටවීම චීන බලධාරින් විසින් දැනට තහනම් කර ඇති බැවින් තහනම ඉවත් කළ වහාම එහි වෙසෙන සිසුන්ද ගෙන්වා ගැනීමට සියලු විධිවිධාන සලසා ඇති බවටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *