රට සංවර්ධනය කරා යොමුකරන්න මහ මැතිවරණයේ දී අපිට හොඳ අවස්ථාවක් ලැබෙනවා – සජිත්

ජනතාවට සහන ලැබෙන වැඩ සටහන්වලදි රජය සමග එක්ව වැඩ කටයුතු කිරිමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ ජනාධිපතිවරණයේදී සහය දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින්ට ස්තූතිය පළකිරීම වෙනුවෙන් පොළොන්නරුවේ පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“ජනතාව බලාපොරොත්තු වුණ රට අද නිර්මාණය වෙලා නෑ. කෘෂිකාර්මික ජනයා බලාපොරොත්තු වුණු නොමිලේ පොහොර අද මුදලටවත් ගන්න නෑ.

වෙනත් ජනාධිපතිවරයෙක් සමඟ රට වෙනුවෙන් වැඩ කිරීමට අපිට පුළුවන්. රටට සහන ලැබෙන වැඩසටහන් වලටදී පමණක් අපි එකට වැඩ කරන්න කැමතියි.

රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. අපිට වැඩිකල් විපක්ෂයේ ඉන්න බලාපොරොත්තුවක් නෑ. මහ මැතිවරණයේ දී හොඳ අවස්ථාවක් ලැබෙනවා. පාර්ලිමේන්තුවේ බලය ලබාගැනිම තුළින් රට සංවර්ධනය කරා යොමු කරන්න. සජිත් ප්‍රේමදාස සහ නව සන්ධානය එකට වැඩ කරන්න සූදානම්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *