ආරක්ෂක පියවරක් ලෙස කොළඹට එන සියළු දෙනා මුඛ ආවරණ පළදින්න

ආරක්ෂක පියවරක් ලෙස කොළඹට එන සියළු දෙනා මුඛ ආවරණ පළදින්න
කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණ (මාස්ක්) පළදින ලෙස කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ඉල්ලා සිටියි.

කොළඹ නගරයේ චීන ජාතිකයන් විශාල පිරිසක් ගැවසෙන හෙයින් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙස ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය. එමෙන්ම කොළඹ නගරයේ පොදු ස්ථාන හා හෝටල් ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළදින ලෙසටත් දන්වා සිටී.

4 Comments

  1. 🤔 -“මෙයට චීනෙන් මුඛවාඩම් ආනයනය කරන වෙළෙඳුන්ගේ සංගමය” 😅

    1. Lankawe hadana oxypura ganna.

      1. ගාණ වැඩී සහ reuse කරන එක අවදානම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *