චීනයේ ඉන්ධන භාවිතය අඩු වීම නිසා ලෝක බොර තෙල් මිල පහළට

කොරෝනා ව්‍යසනය හමුවේ ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහත බැස තිබේ.
මෙයට හේතුවී ඇත්තේ ලෝකයේ දෙවැනි විශාලතම ඉන්ධන පාරිභෛා්ගිකයා වන චීනය ඇතුළුව අනෙක් රටවල ඉන්ධන ඉල්ලුම පහළ යෑම වන අතර පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු බොර තෙල් බැරලයක අඩුම මිල ඊයේ වාර්තා විය. එය ඩොලර් 60 ටත් පහළ අගයක් බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.

මෙම තත්ත්වය තුළ ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා තෙල් සැපයුම සීමා කිරීමේ තීන්දුවක් ගැනීමට රුසියාව ඇතුළු ඔපෙක් රටවල් හදිසි සාකච්ඡාවක් කැඳවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *